ඩොනල්ඞ් ට්‍රම්ප් දිනනවායි චීන රිළවකුගෙන් අනාවැකියක්



ලබන අට වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම් ජයග්‍රහණය කරනවා යැයි චීන රිළවෙක් අනාවැකි පළ කර ඇත.  
‘ජෙඩා’ නමැති මෙම රිළවා දක්ෂ ලෙස අනාවැකි කියන සත්වයෙක් ලෙස චීනයේ ප්‍රකටය. 
පසුගිය සති අන්තයේ, පස් හැවිරිදි ජෙඩා ඉදිරියේ ට්‍රම්ප්ගේ සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ රූප දෙකක් තබා, ජයග්‍රාහකයා කවුරුන්දැයි විමසූ අවස්ථාවේදී ජෙඩා විසින් තෝරා ගනු ලැබ ඇත්තේ ට්‍රම්ප්ය. 
මෙම අවස්ථාවට චීන මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියාහ. මීට පෙර ජෙඩා විසින් පළ කළ අනාවැකි බොහෝ ප්‍රමාණයක් සැබෑ වී ඇතැයි උගේ හිමිකරු මාධ්‍ය හමුවේ පවසා ඇත.
පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී අවසන් තරගය ජයග්‍රහණය කර, පා පන්දු ලෝක කුසලානය පෘතුගාලය විසින් හිමි කර ගනු ඇතැයි අනාවැකි පළ කළේ ද මෙම ජෙඩා රිළවාය.
සාර්ථක අනාවැකි පළ කිරීම හේතුවෙන් ‘චීනයේ වඳුරු රජ්ජුරුවෝ’ කියා ද මෙම ජෙඩා රිළවා හැඳින්වෙයි. ඒ, චීන ප්‍රබන්ධ සාහිත්‍යයේ සදා අමරණීය ‘ත්‍රිපිටකය සොයා බටහිර ගිය වීර වික්‍රමය’ ප්‍රබන්ධ කතාවේ වීරයා ගලින් උපන් වඳුරු රජ්ජුරුවෝ සිහිකරමිනි.

RECOMMEND POSTS