ඩොනල්ඞ් ට්‍රම්ප් දිනනවා: රොබෝවකුගෙන් අනාවැකියක්





 (රොයිටර්)
ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය සම්බන්දයෙන් අන්තර් ජාල පරිශීලනය කරන කෘත්‍රිම බුද්ධි රොබෝවයකු සහ රොබෝ පද්ධතියක් පෙරේදා (29) අනාවැකි පළ කළ අතර, එම අනාවැකි අනුව ජනපතිවරණයෙන් නිසැකවම ජය හිමිවන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ටය.
‘මෝග්ලි’ නමැති මෙම කෘත්‍රිම බුද්ධි රොබෝ පද්ධතිය ජෙනික් ඒ.අයි. සමාගමේ සංජීව් රායි නමැති ඉන්දියානු සම්භයවක් ඇති පරිගණක තාක්ෂණ ශිලිපියකුගේ නිර්මාණයකි. මෙම කෘත්‍රිම බුද්ධි රොබෝ රුඞ්යාඞ් ක්පිලිංගේ ජංගල් බුක් කතාමාලාවේ වීරයා මෝග්ලි සිහිගන්වමිනි.
‘මෝග්ලි’ සිය අනාවැකි පළ කර ඇත්තේ අන්තර් ජාල පරිශීලණය කරන පුද්ගලයන්ගේ අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසුව යැයි ද වාර්තා වේ. ඒ අනුව ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල පරිශීලනය කිරීම ද ‘මෝග්ලි’ රොබෝ පද්ධතිය විසින් සිදු කරනු ලැබ ඇත.
‘මෝග්ලි’ රොබෝ පද්ධතිය ඉදිරිපත් කළ අනාවැකිය නම්, 2208 වසරේ දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනපති ලෙස බැරැක් ඔබාමා කවුරුත් පුද්මයට පත් කරමින් ජනාධිපති වූවා සේම, ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් පරදා ඩොනල්ඞ් ට්‍රම්ප් ජය ගනු ඇති බවය.
හිලරි ක්ලින්ටන් ද අර්බුදයකට මුහුණ දී සිටින්නීය. ඒ, ඇය 2008 වසරේදී ඔබාමාගේ රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී, රාජ්‍ය රහස් ඇතුළත් ඊමේල් ඇගේ පුද්ගලික ඊමේල් ලිපියනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙනි.
මේ බව ප්‍රසිද්ධියට පත් වූයේ පරිගණක දත්ත සෙරකු (හැකර්වරයකු) හිලරිගේ ඊ මේල් ගිනුමට හොරෙන් ඇතුළු වී, එම රහස් ඊ මේල් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවය.
රජයේ රහස් ඊ මේල් තම පුද්ගලික ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකන් එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනය විශේෂ පරීක්ෂණයක් ද සිදු කරමින් සිටින බව වාර්තා වේ. එම පරීක්ෂණ හේතුවෙන් පසුගියදා එම ඊ මේල් සිද්ධිය යළිත් වරක් අලුත් විය. මෙය හිලරිගේ දැඩි දෝෂ දර්ශණයට ද හේතුවක් විය. එය හිලරි ලොකු අවාසියක් වන බව ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන සිදු කර ඇති සමීක්ෂණවලින් හෙළි වී තිබේ. ඇතැම් මාධ්‍ය ආයකන පෙන්වා දී ඇත්තේ අපේක්ෂකයන් දෙදෙනා අතරේ කරටකර සටහන් පවතිනු ඇති බවය.

 


RECOMMEND POSTS