ඔබාමා හිලරිගේ රැලියක් අමතයි



 
 (රොයිටර්)
එක්සත් ජනපද ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙනුවෙන් මැතිවරණ රැලියකට සහභාගි විය. 
එම රැලියේදී හිලරි ක්ලින්ටන් තමාගෙන් පසු ධවල මන්දිරියට පැමිණෙනු ඇතැයි ද බැරැක් ඔබාමා පැවැසීය. එහෙත් ජනාධිපති ඔාබමා එහිදි වැඩි වශයෙන් අදහස් දැක්වූයේ සෙනට් සභාවේ තරගය පිළිබඳවය. 
සෙනට් සභාවේ බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී සෙනට් සභාවේ බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඔබාමා එහිදි කීවේය. 

එපමණක් නොව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඩිමෝක්‍රටික් පක්ෂ සාමාජිකයක් වැඩි ප්‍රමාණයක් පත් කරගත බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදි පැවැසීය.


RECOMMEND POSTS