ට්‍රම්ප්ගෙන් ‘ලිංගික හිරිහැරයක්’ වුණු තරුණියට මරන තර්ජනය කරලා



ඇමෙරිකා ජනපතිධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අතින් තමන්ට ලිංගික හිරිහැරයක් සිදුවුණැයි පවසන කේටී ජොන්සන් නමැති තරුණිය, ඒ සම්බන්ධයෙන් සියලුම විස්තර අනාවරණය කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු නමුත් අවසන් මොහොතේ ඇය එය අවලංගු කළාය.
තමාට මරණ තර්ජන එල්ල වීමට පටන් ගත් හෙයින් මාධ්‍ය හමුව අවලංගු කිරීමට තීරණය කළේ යැයි පසුව ඇය මාධ්‍යවේදීන්ට දන්වා තිබුණි. කේටී ජොන්සන් පවසා ඇති අන්දමට ඇය ට්‍රම්ප් අතින් ලිංගික හිරිහැරයකට ලක් වී ඇත්තේ 1994 වසරේදීය. එවිට ඇගේ වයස අවුරුදු 14 කි.
කේටී ජොන්සන් පළමුවෙන් මාධ්‍ය වෙත තම අනන්‍යතාව හෙළි කිරීමට මැලි වී ඇති අතර, ඇය ඇගේ නම සහ විස්තර හෙළි කර ඇත්තේ මාධ්‍ය දිගින් දිගටම ඒ ගැන තොරතුරු විමසද්දීය.
ට්‍රම්ප් සහ ඇගේ නීතීඥවරුන් එම අවස්ථාවේදී කියා සිටියේ කේටී ජොන්සන් නමැති එම තරුණිය පදනම් විරහිත චෝදනා ඉදිපත් කරමින් ට්‍රම්ප්ට නිගරු කිරීමට උත්සාහ ගන්නා බවය.
 
(මේල් ඔන්ලයින් ඇසුරිනි)

RECOMMEND POSTS