ට්‍රම්ප් ජනප්‍රිය වුණාට ඔබාමා කනස්සල්ලෙන්



තම ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් අභිබවා ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සුළු ප්‍රතිශතයකින් ඉහළ යෑම වත්මන් ජනාධිපති බැරැක් ඔබාමාගේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි වාර්තාවේ.
උතුරු ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ ඩිමොක්‍රටික් පක්ෂ රැලියකට ඔබාමා සහභාගී වූයේය. ඒ, හිලරි ක්ලින්ටන්ට සහාය පළ කිරීමක් ලෙසිනි. ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් තමා පුදුමයට පත්වුණු බව ඔබාමා එහිදී පැවැසීය. ඇමෙරිකන් වැසියන් හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතු යැයි ද ඔබාමා වැඩි දුරටත් කියා සිටියේය.
‘ට්‍රම්ල් දේශපාලන දැක්මක් ඇති කෙනෙක් නොවේ. එයා රිදී හැන්ඳක් කටේ තියාගෙන උපන්න හාදයෙක්. ධනවත් ව්‍යාපාරිකයෙක්. ට්‍රම්ප් කියනවා එයා මධ්‍යම පංතියේ කෙනෙක් කියලා. මට විශ්වාසයි. එයාගෙන් මධ්‍යම පංතියේ ජනතාවට සෙතක් වෙන්නේ නැහැ’ යැයි ඔබාමා උතුරු ෆ්ලොරීඩාවේ පැවැති ජන රැලියේදී වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS