උතුරු කැරොලිනාව ක්ලින්ටන්ගේ ජය තහවුරු කරාවි - ඔබාමා කියයි



 

 

ඇමෙරිකා ජනාධිපතිවරණයේ දී උතුරු කැරොලිනා ජනපදය ජය ගැනීමට හිලරි ක්ලින්ටන්ට හැකිවුවහොත් ඇය නිසැකවම ජනපතිවරණය ජය ගන්නා බව වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
උතුරු කැරොලිනා ජනපද වැසියන්ගේ සහාය හිමිවන්නේ රිපබ්ලිකන් පක්ෂයට සහ රිබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ටය. එහෙයින් උතුරු කැරොලිනා ජනපදය ජය ගැනීම හිලරි ක්ලින්ටන්ට විශාල වාසියක් වනු ඇති බව ඔබාමා පැහැදිලි කරයි.
ඔබාමා මේ බව පැහැදිලි කළේ උතුරු කැරොලිනාවේ පැවැති හිලරි ක්ලින්ටන්ගේ ජන රැලියක් අමතමිනි. ඩිමොක්‍රටික් අපේක්ෂක ඔබාමා පසුගිය දා වේලාසනින්ම සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඔබාමා සහාය දක්වන්නේ හිලරි ක්ලින්ටන්ටය.
ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙයි. අවසන් වරට පැවැත්වුණු ජනමත සමීක්ෂණවලින් හෙළි වූයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියෙන් සිටින බවය.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS