හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම අද



විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන ලද දැනුම්දීමට අනුව අද (04) ‍පෙරවරු 10.00ට එම රැස්විම පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසයි.

වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දී ඇත.


RECOMMEND POSTS