වැළඳුණු අයුරු නොදන්නා ආසාදිතයන් දෙදෙනකු හමුවෙයි



රාජගිරියෙන් සහ මෝදර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු අද (05) හමුවී ඇත. ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැත.

ඔවුන් දෙදෙනාගේ සමීපතම පුද්ගලයන් 56 දෙනකු මේ හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බව ද කොරෝන  මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

රාජගිරියේ බණ්ඩාරනායක ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු මෙලෙස කොරෝනා ආසාදිතයකු ‍බව හඳුනාගෙන ඇත. ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් 29 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

මෝදර ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයාගේ සමීපතම පුද්ගලයන් 27 දෙනකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇත.


RECOMMEND POSTS