මැනිං වෙළෙඳ පොළ අද විවෘතයි



තොග වෙළෙඳ කටයුතු සඳහා කොළඹ මැනිං වෙළෙඳ පොළ අද (04) යළි විවෘතව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.

විෂබීජහරණය කිරීම සඳහා ඊයේ දිනයේ මෙම වෙළෙඳ පොළ වසා දමා තිබිණි. එම සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා පවසන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙද වෙළෙඳ කටයුතු සඳහා පැමිණෙන සියලු දෙනාගෙන් තම සංගමය ඉල්ලීමක් කරන බවයි.


RECOMMEND POSTS