බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 208ක් පැමිණෙති



කොරෝනා වසංගතය පැතිරීම හේතුවේන බ්‍රිතාන්‍යයේ හිරවී මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් යානයක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවිය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 දරණ මෙම යානයෙන් ශ්‍රී ලාංකිකයෝ 208 දෙනෙක් සිය මව්රටට පැමිණියහ. ලන්ඩන් නගරයේ හීතෲ ගුවන්තොටුපොළේ සිට පැමිණි මෙම පිරිස විෂබීජහරණයට ලක්කිරීමෙන් පසු යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව තිබිණි.

මේ අතර බ්‍රිතාන්‍යයේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගෙන ඒම සඳහා තවත් යානයක් අද අළුයම පිටත්ව ගියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ බ්‍රිතාන්‍යයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් ගමන් තුනක් සැළසුම් කර තිබෙන බවයි.


RECOMMEND POSTS