ප්‍රමිතියක් නැති මුඛ ආවරණ හා විෂබීජ නාශක වටලයි



ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ සහ විෂබීජ නාශක දියර අළෙවි කරන ස්ථාන සොයා වැටලීම් අද (04) සිට සිදුකරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ හා විෂබීජ නාශක දියර ජනතාව විසින් භාවිතා කිරීම ඔවුන්‍ කොවිඩ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීමට හේතුවක් නොවන අතරම එයට නිරාවරණය වීමේ දැඩි අවධානමකට ද මුහුණ දෙන බවයි.

මෙවැනි නිෂ්පාදන අළෙවිකරන ස්ථානවලට හා පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට ද පියවර ගන්නා බව හෙතෙම පැවසීය.


RECOMMEND POSTS