ප්‍රංශය හදිසිය දීර්ඝ කරන්න යයි



කොරෝනා මර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ ප්‍රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය ජූලි 24 වැනි දා දක්වා දීර්ඝ කරන බව සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

පසුගිය මාර්තු 24 වැනි දින ප්‍රංශය හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ හදිසි තත්ත්වය ඉවත් කළහොත් වයිරසය තවදුරටත් පැතිරීම වැඩිවිය හැකි බවයි.

''අපි දන්නවා අපේ රටේ ජනතාව මේ වයිරසය පාලනය කිරීම සඳහා දැඩි කැපවීමකින් විශාල උත්සාහයක් දැරුවා. අපිට මැරතන් තරඟයක් තියෙන්නේ. එය කෙටි දුර ධාවන තරඟයක් නොවෙයි."

මෙලෙස හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධ නීති කෙටුම්පත අද (04) සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු එය හෙට (05) ජාතික සභාවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රකාශක සිබෙත් එන්ඩියේ පවසයි.


RECOMMEND POSTS