පළමු නාවික සෙබළාට සුවයි



කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් පළමුවැනි නාවික සෙබළා පූර්න සුවය ලබා රෝහලින් පිටව ගිය බව නාවික හමුදාව පවසයි.

පසුගිය අප්‍රේල් මස 25 වැනි දින ඔහු ආසාදිත බව තහවුරු කර ගැණිනි. ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටිය දී කරන ලද පීසීආර් පරීක්ෂණ තුනක ප්‍රතිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම හේතුවෙන් ඊයේ (03) ඔහු රෝහලින් පිටත්කර යවා තිබෙබ්.

අදාල නාවික සෙබළා රෝහලින් පිටව ගිය ද ඔහු වෛද්‍ය උපදෙස් මත තවත් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද මේ දක්වා බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිටිති.


RECOMMEND POSTS