නාවික සෙබළාගේ පියාට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්



වාරියපොළ දී නාවික සෙබලෙකුගේ පියාට සහ සොහොයුරෙකුට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු අද (05) පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් හෙට (06) දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙස දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දර්ශන ද සිල්වා මහතා නියෝග කළේය.

හෙට (06) දිනයේ දී ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (04) දිනයේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

යාපනය ප්‍රදේශයේ නාවික කදවුරක සේවය කරන නාවික සෙබලෙකුගේ පියා සහ සොයුරෙකු එම නාවික සෙබලාගේ බිරිද සහ වසරක් වයසැති බිළිදා වෙසෙන වාරියපොළ නෑටිය ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේ දී මෙසේ පහරදීමට ලක්වූ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

රක්ෂිත බාරයට පත්වූ පිරිස අතර වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියෙකු ද සිටින බව වාරියපොළ පොලිසිය කියයි.


RECOMMEND POSTS