තවත් ආසාදිතයන් 11ක් වාර්තා වෙයි



කොරොනා ආසාදනය වූ තවත් රෝගීන් 11 දෙනකු අද (04) රාත්‍රී තහවුරු කරගැනීම හේතුවෙන් මෙරට දී වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළ ගියේය. දැනට මියගොස් ඇති ආසාදිතයන් ගණන 08කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා ආසාදනය වූ 194 දෙනකු සුවය ලබා රොහල්වලින් බැහැරව ගොස් ඇති අතර තවත් 530ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


RECOMMEND POSTS