ඩෙංගු හා මී උණ පාලනය කළ යුතුයි



කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය අතරතුර ඩෙංගු සහ මී උණ පාලනය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ මේ දිනවල ඩෙංගු සහ මී උණ රෝගය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ කීවේය.

''මේ වසරතුළ පමණක් දැනට ඩෙංගු රෝගීන් 18,000ක් පමණ වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මී උණ හේතුවෙන් මියගිය සංඛ්‍යාවත් 100ක් පමණ වෙනවා. මෙය ඉතා විශාල අගයක්. කොරෝනා මර්ධනයට ගන්න ක්‍රමවේදයන් හා සමානව ම මී උණ හා ඩෙංගු පාලනයටත් කටයුතු කිරීම අවශ්‍යයි. නැතිනම් ඉදිරියේ දී විශාල ගැටලුවක් ඇතිවෙනවා. "  


RECOMMEND POSTS