ජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කරයි



කොරෝනා වසංගතය හේතුවෙන් ජපානයේ ප්‍රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරන බව එරට රජය ප්‍රකාශ කරයි. ඒ අනුව මැයි මාසය අවසානය තෙක් හදිසි තත්ත්වය බල පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය ෂින් සෝ අ‍බේ පවසා ඇත.

පසුගිය ‍අප්‍රේල් මස 07 වැනි දා ටෝකියෝ ඇතුළු නගර කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර අතර පසුව එය රටපුරාම ක්‍රියාත්මක කෙරිණි. එම හදිසි තත්ත්වය මැයි මස 06 වැනි දා අවසන්වීමට නියමිතව තිබිණි.

එසේ වුව ද සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරන බව අගමැතිවරයා පවසයි.

ජපානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 14,877 දෙනකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 487කි.


RECOMMEND POSTS