කොරෝනා ආසාදිත කාන්තාවක් මියයයි



කොරෝනා ආසාදිතව සිටි කුරුණෑගල පොල්පිතිගම පදිංචි 72 හැවිරිදි කාන්තාවක අද (04) ‍‍හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අනුව මෙරට දී මියගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 08 දෙනකු දක්වා ඉහළ ගියේය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 721ක් වන අතර 194 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර ගොස් ඇත. මේ දක්වා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 519 දෙනෙකි.  


RECOMMEND POSTS