ඉන්දියාවේ වැඩිම රෝගීන් ගත වූ පැය 24 දී



ඉන්දියාවේ ගත වූ පැය 24ක කාලයේ දී නව කොරෝනා ආසාදිතයන් 3,900ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය හා පවුල් සුබ සාධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එරට ආසාදිතයන් සංඛ්‍යාව 46,433ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,568කි. මීට පෙර වැඩිම ආසාදිත සංඛ්‍යාව වාර්තා වූයේ පසුගිය ඉරිදා (03) දිනයේ දී ය. ඒ ආසාදිතයන් 2,644කි.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙන්නේ වතු නිවාස ආශ්‍රිතව කොරෝනා පැතිරීම විශාල වශයෙන් සිදුවන බවයි ඉන්දියාවේ විශාලතම පැල්පත් නිවාස පිහිටි ධරාවි නිවාස සංකීර්ණයේ රෝගීන් 632ක් වාර්තා වී අතර මරණ 20ක් සිදුව ඇත.


RECOMMEND POSTS