ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අයුරු



කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කෙරිණි.

එලෙස ඇඳිරිනීතිය ඉවත්කරන ලද දිස්ත්‍රික්කවලට අද රාත්‍රි 08.00ට යළි ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් සෑම දිනක ම රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

මැයි 06 වන බදාදා රාත්‍රී  08.00ට එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පැනවිමෙන් පසු මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට පවතින ඇඳිරිනීතිය මැයි 11 වනදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

11 වනදා සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්‍ දී ඇත.

මේ අතර ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි. ඇඳිරීනීතිය ලිහිල් කර ඇති සෙසු දිස්ත්‍රික්කවලට මෙම ක්‍රමය අදාල වන්නේ නැත.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොමැති බව ද පොලිසිය පවසයි.  


RECOMMEND POSTS