පාප්තුමෝ සාමය ඉල්ලති



සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීතර් බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක සාමය ප්‍රාර්ථනා කළේය.

ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් දේව මෙහෙයට 6,500 කට වැඩි පිරිසක් එක් වී සිටියහ. තමන්ගේ හදවත ඇත්තේ බෙත්ලෙහොම් බවත්, සාමයේ කුමරුන් හෙවත් ජේසු බිලිඳා උපන් භූමියෙන් අද සාමය තුරන් වී, යුද ගැටුම් වර්ධනය වීම ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවන බවත් පාප්තුමා දේව මෙහෙය අතරතුරේ පැවැසුවේය.

නත්තලේ සැබෑ පණිවුඩය බලය පෙන්වීම හෝ දුර්වලයන් තලා පෙලා දැමීම හෝ නොව සැවොම සාමයෙන් ජීවත් වීම යැයි ද 87 හැවිරිදි පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය.

වසර 2,000 කට පෙර, ජේසු බිලිඳා උපන්න බෙතේලෙහෙම අද ඇත්තේ පලස්තීනුවන් ජීවත් වන බටහිර ඉවුරේය. බෙත්ලෙහෙම, අද සංචාරක ආකර්ශණයකි. ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතරේ පවතින ගැටුම් හේතුවෙන්, මෙවර බෙත්ලෙහෙම නගරයේ, නත්තල් සැමරුම් පැවැත්වෙන්නේ නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS