එමිරේටයෙන් බ්‍රසීලයට ආධාර



බ්‍රසීලයට බලපෑ ගංවතුර සහ අධික වර්ෂාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ආධාර තොගයක් යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ගේ උපදෙස් මත ටොන් 100ක  ආහාර, වෛද්‍ය සහ අනිකුත් අත්‍යාවශ්‍ය උපකරණ රැගත් පළමු ගුවන් යානය බ්‍රසීලයට පිටත් කර යවා ඇත.

ටොන් 200 ක ආධාර රැගත් තවත් ගුවන් යානා දෙකක් ඉදිරි දින දෙක තුළ යැවීමට නියමිතව ඇති අතර, ආධාර ටොන් 300 ක් පමණ බ්‍රසීලයට ලබා දීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS