හිටපු ජනපති ජනාධිපති සටනට



ඉරානයේ හිටපු ජනාධිපති, මහමුද් අහමදිනෙජාඩ් ඉදිරියේදි පැවැත්වීමටනියමිතව ඇති හදිසි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.

ඉරානයේ දැඩි මතධාරී හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මරණයෙන් පසු හදිසියේ පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයටඉදිරිපත් වීමට හිටපු ජනාධිපති, මහමුද් අහමදිනෙජාඩ් ලියාපදිංචි වී ඇති බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

රටේ පූජක නායකත්වයෙන් යුත් ගාඩියන් කවුන්සිලය අපේක්ෂකයින් පරීක්ෂා කර සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ජුනි 11 වන දින ප්‍රකාශයට පත් කරනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS