එමිරේටයට අධික වර්ෂාපතනයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා සහ අල්- කයිමා නගරවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාපතනයක් ඉදිරියේදි අපේක්ෂා කරන බැවින් කාලගුණික තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟිවීම් නිකුත් කිරීමට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

රට අභ්‍යන්තරයේ වලාකුළු වර්ධනය වීම හේතුවෙන් තද වැසි ඇති විය හැකි බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - සාජා නුවර)

RECOMMEND POSTS