බිම්බෝම්බ 1,579ක් සතියකින් ඉවත් කරලා



යේමනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටින සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය සතියක් තුළ බිම්බෝම්බ 1,579ක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

පුපුරා නොගිය බිම් බෝම්බ 1,442 ක්, යුධ ටැංකි නාශක බෝම්බ 126 ක්, පුපුරණ ද්‍රව්‍ය පිරවු බහලුම් හයක් සහ පුද්ගල නාශක බෝම්බ පහක් ඇතුළත් විය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය “Masam” ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති අතර, ආරම්භයේ සිට මේ දක්වා බිම්බෝම්බ 465,252ක් ඉවත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS