'පැරීසියේ නිහඬ අපි' ප්‍රසංගය



ශ්‍රීලාංකික සංස්කතිකාංග වලට මුල් තැන දෙමින් ශ්‍රීලාංකික අභිමානය ලොවටම විදහා දක්වන ප්‍රංශයේ නිහඬ අපි තරුන සංවිධානය විසින් සංවිධානය කල ශ්‍රීලාංකික මෙගා සංස්කෘතික උත්සවයක් හා ප්‍රසංඟයක් පසුගියදාා පැරීසියේ කළාප අංක 20 හී පිහිටි ස්ටාර්ලින්ගාර්ඩ් චතුරශ්‍රයේදී ප්‍රංශයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ හා දෙමාපියන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දල්වා මඟුල් බෙර වාදන මධ්‍යයේ ඉතාමත් උත්කර්ශවත් අයුරින් පැවැත් වූයේය.

ප්‍රංශයේ ඉපැදී මෙහිදී මූලික හා උසස් අධ්‍යාපනය හදාාරා විවිධ අංශයන්හී උපාධි හිමිකර ගනිමින් එයට සමාන්තරව විවිධ ක්‍ෂේත්‍රයන්හී රැකියා වල නිරත වෙමින් අපේ නව පරපුරේ දු දරුවන් විසින් මෙවැනි උත්සවයක් ඉතාමත්ම සාර්ථක අයුරින් පැවැත්වීම අපි අගේ කොට සැලකිය යුතු කාර්යයක් බව සඳහන් කිරීම වටී.

එවැනි දරුවන් විශාල පිරිසක් එකතුවී පිහිටුවා ගත් ප්‍රංශයේ නිහඬ අපි තරුන සංවිධානය විසින් ඉහත උත්සවයේ සංවිධාන කටයුතු වල මූලිකත්වය ගෙන කටයුතු කළේය.

එදින උත්සවයේදී ශ්‍රීලාංකික සංස්කෘතිය විදහා දැක්වෙන උඩරට, පහත රට නර්තනයන් සංස්කෘතික සංදර්ශන, බතික් නිර්මාණ, ගිණිකෙලි නර්තන, සංගීත ප්‍රසංඟ, ශ්‍රීලාංකීය ආහාර පාන අතුලත් ප්‍රදර්ශන කුටි යනාදියෙන් අංග සම්පූර්ණවූ ශ්‍රීලාංකික මෙගා පෙස්ටිවල් සංස්කෘතික උත්සවය උදේ 10 සිට රාත්‍රී 08 දක්වා පැවැත් වූයේය.

පැරීසියේ ඩේසි නර්තන කලායතනයේ දරුවන් විසින් සංස්කෘතික ප්‍රසංඟයට සහභාගීවු අතර පැරීසියේ සංගීතවේදී අජිත් මහවාසල ඇතුළු බැලැක් බොක්ස් කන්ඩායම විසින් සංගීත ප්‍රසංඟය පැවැත්වීය. 

ප්‍රසංඟය පැවැත්වීම සඳහා නීතියානුකූලව ඉහත ස්ථානය ලබා දීමට කටයුතු කල ආදරයට පැරීසියේ ග්‍රාම සේවක ලෙස කවුරුත් අමතන පුෂ්පසිරි ද අල්විස් මහාතාට ස්තුතිය පිරි නමන බව නිහඬ අපි තරුන සංවිධානයේ සියල්ලෝම පැවසුවෝය. 

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS