පාකිස්තානයට සෞදියෙන් අනතුරු



සෞදියට පැමිණෙන පාකිස්තාන යාචකයන්ගේ ගණන දිනෙන් දින ඉහළ යෑම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි සෞදි අරාබිය පාකිස්තානයට දැනුම් දී ඇත.

සෞදි අරාබිය පැහැදිලි කර ඇත්තේ වන්දනාකරුවන් ලෙස මෙම යාචනයන් රටට ඇතුළු වන බවය.

තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තාන වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද සෞදි බලධාරීන් අනතුරු අඟවා ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආගමික කටයුතු අමාත්‍යාංශය පනතක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS