සාමය වෙනුවෙන් ඉරානය කැපවෙලා



ඉරානය සැමවිටම සාමයට කැපවී සිටින නමුත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට ද සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි, ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි, අසල්වැසි කලාපීය රටවල සංචාරයක් ආරම්භ කර ඇති අතර, ඔහු ඉරාකයට පැමිණියේ ලෙබනනයේ, සිරියාවේ සහ සෞදි අරාබියේ සංචාරය කිරීමෙන් අනතුරුවය.

බැග්ඩෑඩ් අගනුවරදී, ඉරාක විදේශ ඇමැති ෆහුඩ් හුසේන් හමුවී, ඊශ්‍රායලයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඇමෙරිකන් හමුදා කඳවුරු ඉරාකයේ ඇති අතර, ඒවා භාවිතයට ගනිමින් ඉරානයට පහර දීමට ඇමෙරිකාව උත්සාහ ගන්නේ නම්, එය කිසිසේත් අනුමත නොකරන බව ඉරාක විදේශ ඇමැති ෆහුඩ් හුසේන්, ඉරාන විදේශ අමාත්‍යවරයාට අවධාරණය කළේය.

ගාසා තීරයටත් ලෙබනනයටත් සටන් විරාමයක් අවශ්‍ය බවත්, ඉන්පසු සාම වැඩපිළිවෙළකට යා යුතු බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS