අන්තර්ජාලයෙන් පාසල් සිසුන්ට ආයුධ විකුණලා



කුවේටයේ අන්තර්ජාලය හරහා පාසල් සිසුන්ට ආයුධ අලෙවි කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බලපත්‍ර රහිතව අන්තර්ජාලය ඔස්සේ ආයුධ විකිණීම සිදු කර ඇති බව තහවුරු කරගෙන ඇත.

නීතිමය අවසරයක් මත සිදු කරන ලද සෝදිසි කිරීමකින් පසු අන්තර්ජාලය හරහා විකිණීමට තිබු ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා කුවේට් මහජන නඩු පැවරීමේ අධිකාරියට කුවේට් ජාතිකයාව භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS