ඉරානයට කොන්දේසි විරහිතව සහාය දෙනවා



කොන්දේසි විරහිතව ඉරානයට සහාය දැක්වීමට තමන් සූදානමින් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

රුසියන් ජනාධිපති පුටින් සහ ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන් පළමු වරට මුහුණට මුහුණ හමුවක් පසුගිය දා පැවැත්විණි. ඒ, රාජ්‍ය නායකයන් දෙදෙනා මධ්‍යම ආසියාවට අයත් ටර්ක්මෙන්ස්තානයේ ඇෂ්ගාබාද් අගනුවර පැවැත්වුණු කලාපීය සමුළුවකට සහභාගී වූ අවස්ථාවේදීය.

ඊශ්‍රායලයෙන් ඉරානයටත්, ලෙබනනයටත් මැදපෙරදිග කලාපයටත් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS