හිස්බුල්ලාට කිසිම සමාවක් නෑ



තමන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර, තමා සහ තම බිරිඳ ඝාතනය කිරීමට උත්සාහ ගත් ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.

සිසේරියා නගරයේ පිහිටි නෙදන්යාහුගේ නිවසට ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයක් එවීම කළේ පසුගිය සති අන්තයේය. 

ඩ්‍රෝන යානය, නිවසේ හැපී පිපිරී යෑමට සැලසුම් කර තිබුණි. කෙසේ නමුත් එය අසාර්ථක වූයේ ආරක්ෂක අංශ ඊට කළ ප්‍රහාරය හේතුවෙනි. එම අවස්ථාවේ, අග්‍රාමාත්‍ය නෙදන්යාහු හෝ බිරිඳ හෝ නිවසේ නොසිටි බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS