අගමැති නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්



ඊශ්‍රායල අගමැතිගේ

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ එම ඩ්‍රෝන යානයට ඊශ්‍රායල හමුදාව පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් හානි වූ යානය නිවසේ හැපී ඇති නමුත් එයින් විශාල හානියක් සිදුනොවුණු බව පැවැසෙයි.

එම අවස්ථාවේදී නිවසේ ද කිසිවකු නොසිටි බව පැවැසෙයි. නිවස පිහිටි සිසේරියා ප්‍රදේශය පිහිටා ඇත්තේ ටෙල් අවීව් අගනුවරට උතුරු දෙසිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS