දේශසීමා ආරක්ෂාව: සෞදි-ඉරාක සාකච්ඡා



සෞදි අරාබිය සහ ඉරාකය සිය දේශසීමා ශක්තිමත් කරගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ මූලස්ථානයේදි මෙම සාකච්ඡා පැවති අතර, දේශසීමා නිලධාරීන්ගේ සිව්වන රැස්වීමට සහභාගී වූ සෞදි දූත පිරිසට නායකත්වය ලබා දී ඇත්තේ සෞදි දේශසීමා ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ෂෙයි බින් සාලෙම් අල්-වඩානි විසිනි.

දෙපාර්ශවය දේශසීමා ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අදාලව මාතෘකා කිහිපයක් සාකච්ඡා කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOline - බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS