ජනපති බයිඩන්ගෙන් නව සාම සැලැස්මක්



ඊශ්‍රායල හමාස් ගැටුම නැවැත්වීමේත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද තිරසාර විසඳුමක් ලබාදීමේත් අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ගාසා තීරයට නව සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර, ඊට ඊශ්‍රායලයේ අනුමැතිය හිමිවී තිබේ.

‘දැන් ඇති යුද්ධ කළා. මේ යුද්ධය අවසන් වෙන්න ඕනෑ’ යැයි පවසමින්, ජනාධිපති බයිඩන් මෙම නව සාම සැලැස්ම ඉදිරිපත් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම නව සාම සැලැස්ම අදියර 6 කින් ක්‍රියාත්මක කිරීමට බයිඩන් පරිපාලනය බලාපොරොත්තු වෙයි. ගාසා පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ ඊශ්‍රායලයේ ස්වෛරීත්වය රැක ගැනීම, සාම සැලැස්මේ මූලික අරමුණ බව පැවැසෙයි.

ඊශ්‍රායලය කැමැත්ත පළ කළත් ගාසා තීරයේ හමාස් සංවිධානය තවමත් ඇමෙරිකාවේ මෙම සාම සැලැස්මට එකඟතාව පළ කර නැති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් ප්‍රමුඛ ඔහුගේ පරිපාලනය මෙම සාම සැලැස්ම සකස් කර ඇත්තේ ඊජිප්තුව සහ ජෝර්දානය සම්බන්ධ කර ගනිමිනි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS