යුක්රේනයටත් සහාය දෙන්න



ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එම මිසයිල විනාශ කිරීමට සහාය වූවාක් මෙන් රුසියාව යුක්රේනයට එල්ල කරන මිසයිල විනාශ කිරීමට ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජිකයන් සහාය ලබා දිය යුතු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

යුක්රේන අහසේදී රුසියානු මිසයිලයක් විනාශ කිරීම රුසියාවට පහර දීමක් නොවන බවත් එලෙස සහාය ලබා නොදෙන්නේ රුසියාව ප්‍රකෝප කර ගැනීමට නේටෝ සාමාජිකයන් බියවීම නිසාවෙන් යැයි තමන් සිතන බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී පැවැසුවේය.එසේම ඇමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් ලබා දෙන අවිවලින් රුසියාවේ අභ්‍යන්තරයට පහර දිය නොහැකි බවට පනවා ඇති නීතිමය සීමාව ඉවත් කිරීමටද එම රටවල් කටයුතු කළ බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යුක්රේන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීම පිළිබඳව එල්ල වන චෝදනා බැහැර කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ යුක්රේන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කිසිවෙකුට කරුණු පැහැදිලි කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.සිය නිල ජනාධිපති ධුර කාලයේ අවසන් දිනයදා යුක්රේන ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දුන් බවත් හමුදා නීතිය අවසන් වනතෙක් ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS