ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය.

මුදා ගත් එම සිවු දෙනා අවුරුදු 21,25,27 සහ 40 වයස්වල තරුණයන් බව පැවැසෙයි. හමාස් සටන්කාමීන් මොවුන් රඳවාගෙන සිටියේ ගොඩනැගිලි දෙකකය. ඊශ්‍රායල හමුදා ඒවා වටලා සටන්කාමීන්ට පහර දී මරා දමා එම සිවු දෙනා මුදාගත් බව පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා සිදු කළ එම මෙහෙයුමේදී, පලස්තීන දරුවන්, කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)


RECOMMEND POSTS