නව ඉරාන ජනපතිට සෞදිය සුබ පතයි



‍නව ඉරාන ජනාධිපති, මසූද් පෙසෙෂ්කියාන්ට සිය සුබ පැතුම් සෞදි රජු සහ ඔටුන්න හිමි කුමරු එක් කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

"දෙරට අතර සබඳතා වර්ධනය කිරීමට මෙන්ම අපගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා එකමුතුව වැඩ කිරීමට මම උනන්දු වන බව තහවුරු කරමි" යනුවෙන් සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් ප්‍රකාශ කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

වසර ගණනාවක එදිරිවාදිකම් පසෙකලා, 2023 මාර්තු මාසයේදි ඉරානය සමඟ සෞදි අරාබිය ගිවිසුමකට අත්සන් තැබීය.

මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් යුද්ධය පිළිබඳ සමුළුවක් සඳහා නොවැම්බර් මාසයේදී රියාද් වෙත පැමිණියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline -  රියාද් නුවර)

RECOMMEND POSTS