ගාසා වැසියන්ට එරෙහි ජනසංහාර නවත්වන්න



ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදු කරන ජනසංහාරය වහා නැවැත්වීමට කටයුතු කළ යුතු යැයි ඉරාන නව ජනාධිපති ලෙස තේරී පත් වී සිටින මධ්‍යස්ථමතධාරී, මසූඞ් පෙසෙෂ්කියන් අවධාරණය කර තිබේ.

ඉරාන නව ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ කසක්ස්තාන ජනාධිපති කසීයුම් ජොමාට් සමඟ දුරකතන සන්වාදයක නියැලෙමිණි.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා දීමට ඉරානය මැදිහත් වී සිටී. පලස්තීනයට සාමාජිකත්වය දෙන්නැයි ඉල්ලමින්, ඉරානය සහ පලස්තීන හිතවාදී රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. 

ඉරාන නව ජනාධිපති පෙසෙෂ්කියන්, කසක්ස්තාන ජනාධිපතිවරයාට ඇමතුමක් දී ඔහුගේ ද සහාය ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන්, ඊශ්‍රායල රජය ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදු කරන ජනසංහාර ගැන රාජ්‍ය නායකයන් දෙදෙනාගේ වැඩි අවධානයක් හිමිවිය.


RECOMMEND POSTS