එක්සත් ජාතින්ගේ ගුණ සැමරුමට ඇමෙරිකාව නෑ



හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි වෙනුවෙන් විශේෂ ගුණ සැමරුමක්, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්විණි.

සාමාජික රටවල් 193 දෙනකුගෙක් සමන්විත එක්සත් ජාතීන්ගේ මණ්ඩලය, ධුරයේ සිටිද්දී, අභාවප්‍රාප්ත වන ලෝක නායකයන් වෙනුවෙන් ගුණ සැමරුමක් පැවැත්වීම සම්ප්‍රදායයයි.

ඒ අනුව එම ගුණ සැමරුම පැවැත්වෙද්දී එය වර්ජනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළේය. ඒ ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින එදිරිවාදිකම් හේතුවෙනි.


RECOMMEND POSTS