ඉරාන ජනාධිපති අවසන් ගමන් යයි



හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගේ අවසන් කටයුතු අද (23) සිදුවිය. දේහය මිහිදන් කෙරුණේ ශුද්ධ වූ මාෂාඩ් නගරයේය. දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ ගණනක් ඉරාන වැසියෝ පැමිණ සිටියහ.

මාෂාඩ් යනු ඉරාන නායකයාගේ උපන් නගරයයි. හමුදා උත්තමාචාර මැද දේහය ගුවනින් මාෂාඩ් නගරයට ගෙන ඒම සිදුවිය.

දැඩිමතධාරියකු වූ ඊබ්‍රහීම් රයිසි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අනුප්‍රාප්තිකයා වීමට ද සුදුසු අයකු ලෙස පිළිගෙන තිබුණි.


RECOMMEND POSTS