ඉරානය සටනට ආවොත් ඉවරයි



ඊශ්‍රායල සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර යුද්ධයක් ඇති වුවහොත් ඉරානයේ අනුග්‍රහය ලැබෙන හිස්බුල්ලා සංවිධානය සතු යුද බලයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එරට අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය අපොහොසත් වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු සී.එන්.එන් පුවත් සේවයට පවසා ඇත.

ලෙබනනයට ගොඩබිමින් සහ මුහුදින් පහර දීමට ඊශ්‍රායලය සූදානම් වන බව දැන ගන්නට ලැබීමත් සමඟ ඇමෙරිකාව මේ පිළිබඳ ඊශ්‍රායලයට දැනුම් දී ඇතැයි එම නිලධාරීහු සී.එන්.එන් පුවත් සේවයට ප්‍රකාශ කළහ. හිස්බුල්ලා සංවිධානය සතු මිසයිල සහ ඩ්‍රෝන බලය දිනෙන් දින වැඩි වන බවත් එම සංවිධානය සතු මිසයිල සහ ඩ්‍රෝන බලයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකි නොවනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීහු පැවැසූහ.

හිස්බුල්ලා සංවිධානයට පහරදීම සඳහා දකුණු ගාසා තීරයට යොදවා තිබූ හමුදා සම්පත් උතුරු ඊශ්‍රායලයට යෙදවීමට තීරණය කර ඇතැයි ඊශ්‍රායලය මේ වනවිට ඇමෙරිකාවට දන්වා ඇතැයිද එම රාජ්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.


RECOMMEND POSTS