පොලිස් බැල්ලට මරණ තර්ජන
ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ, මත්ද්‍රව්‍ය වැටලීම් අංශයට සම්බන්ධව වැටලීම් රැසක් සිදු කළ ‘සොම්බාරා’ නමැති පොලිස් නිල සුනඛයාට මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලින් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
‘සොම්බාරා’ පොලිස් බැල්ලකි. ඇය මරා දමන කෙනකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 7,000 ක ත්‍යාගයක් ලබා දෙන බව ද මත්ද්‍රව්‍ය කල්ලි නායකයන් ඔවුන්ගේ සාමාජිකයන්ට දන්වා ඇත.
පොලිසිය පවසන්නේ ‘සොම්බාරා’ ට පමණක් නොව, මත්ද්‍රව්‍ය වැටැලීම්වලට සම්බන්ධ සෙසු පොලිස් නිල සුනඛයන්ට පවා දිනපතා මරණ තර්ජන එල්ල වන බවය.
කෙසේ නමුත් තර්ජන සැලකිල්ලට ගනිමින්, ‘සොම්බාරා’ පොලිස් කටයුතුවලින් තාවකාලිකව විශ්‍රාම යැවීමට බොගෝටා පොලිසිය පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
(රොයිටර්)