සටන් විරාමයකට පසුබට නෑ: හිස්බුල්ලා නව නායකයා කියයි



ඊශ්‍රායලය සමඟ සාකච්ඡා පවත්වා, තම කොන්දේසිවලට ඊශ්‍රායලය යහපත් ප්‍රතිචාර දක්වන්නේ නම්, කඩිනමින් සටන් විරාමයකට යෑමට කැමැති බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායක නයිම් කසීම් පවසා ඇත.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය රජය අතරේ සටන් විරාමයක් සම්බන්දයෙන් බලාපොරොත්තුවක් ඇතැයි ලෙබනන් රජයේ භාරකාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටී ද පවසා ඇත. එම සටන් විරාමය, ඉදිරි පැය කීපය ඇතුළත හෝ දින කීපය ඇතුළත හෝ ආරම්භ වීමට ඉඩ ඇති බව ද භාරකාර අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

‘හිස්බුල්ලා නව නායකයා නම්‍යශීලී ප්‍රතිපත්ති ඇති අයෙක්. ඔහු කැමතියි ඊශ්‍රායලය සමඟ සාකච්ඡා පවත්වා සටන් විරාසයකට යන්න. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන පස් වැනිදා පැවැත්වෙනවා. ඊට පෙර සටන් විරාමයකට යෑමට හැකිවේවි යැයි මම විශ්වාස කරනවා.’ යැයි භාරකාර අග්‍රාමාත්‍ය නජීබ් මිකාටී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS