අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි.

ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලයට දොස් නැගුවේ ඊශ්‍රායලය ඉකුත් සති අන්තයේ ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙනි. ඊශ්‍රායලය එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු දෙමිනි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මේ වනවිට සැඟවී සිටින බව පැවැසෙයි. කමේනී ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.


RECOMMEND POSTS