නීතිවිරෝධීව සිටි 21,971ක් අල්ලයි



සෞදි අරාබියේ නීතිවිරෝධීව රැඳී සිටි පුද්ගලයින් 21,971ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නේවාසික, කම්කරු සහ දේශසීමා ආරක්ෂක නීති උල්ලංඝනය කළ 21,971ක් අත්අඩංගුවට ගත් බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේ ය.

2024 ඔක්තෝබර් 10 සිට ඔක්තෝබර් 16 දක්වා සිදුකළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS