ටොන් 30 ක අත්‍යාවශ්‍ය ඖෂධ
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
අත්‍යාවශ්‍ය ඖෂධවලට අමතරව පිළිකා ප්‍රතිකාර ඖෂධ තොගයක් ද ඒ අතරේ ඇතැයි පැවැසෙයි.
‘ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඉන්දීය රජයේ සහාය දිගටම හිමි වෙනවා. මානුෂීය ආධාර වශයෙන් තමයි මෙම අත්‍යාවශ්‍ය ඖෂධ සහ පිළිකා ප්‍රතිකාර ඖෂධ පලස්තීනුවන්ට හිමිවන්නේ’ යැයි ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.