ඊශ්‍රායලයට ලෙසර් ආරක්ෂක පද්ධතියක්



අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙයි. මෙම නව ආරක්ෂක පද්ධතිය නම් කර ඇත්තේ, අයන් බීම් යනුවෙනි.

මෙය ද දැනට ඊශ්‍රායලය භාවිතයට ගන්නා අයන් ඩෝම් ආරක්ෂක පද්ධතිය හා සමාන වුවත්, ඊට වඩා තාක්ෂණයෙන් සුසැදිය. ඒ ලේසර් තාක්ෂණය භාවිතයට ගන්නා බැවිනි.

එහෙයින්, සියයට 100 ක් නිවැරදිව සතුරු මිසයිල සහ ඩ්‍රෝය ප්‍රහාරක යානා හඳුනා ගැනීමටත් ප්‍රතිප්‍රහාර එල්ල කර ඒවා සැණින් විනාශ කිරීමටත් හැකියාව ඇත. වසර ගණනක මහන්සියේ ප්‍රතිඵලයක් වන මෙම නව ලෙසර් ආරක්ෂක පද්ධතිය සඳහා ඊශ්‍රායලයට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් 500 ඉක්මවයි.


RECOMMEND POSTS