ප්‍රථම වරට රතු මුහුදේදි විවාහ වෙයි
සෞදි යුවලක් සිය විවාහ ගිවිස ගැනීම රතු මුහුදේදි සිදුකර ඇති බව වාර්තා වේ.
කිමිදුම්කරුවන් දෙදෙනෙකු වන හසන් අබු අල්-ඕලා සහ යස්මින් ඩැෆ්තාර්ඩර් ජෙඩා නුවරට ඔබ්බෙන් වූ රතු මුහුදේ සුන්දර සාගර පරිසරය තුළ විවාහ ගිවිස ගෙන ඇත.
මෙම අවස්ථාවට කිමිදුම්කරුවන් කුඩා කණ්ඩායමක් සහභාගී වූ අතර දේශීය කිමිදුම් කණ්ඩායම වන සෞදි කිමිදුම්කරුවන් විවාහ උත්සවය සංවිධානය කර තිබේ.
සෞදි කිමිදුම්කරුවන්ට නායකත්වය දෙන කපිතාන් ෆයිසාල් ෆ්ලෙම්බන් දිය යට විවාහ උත්සවය සඳහා උපකරණ සහ විශේෂඥ සහාය ලබා දී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ජෙඩා නුවර )