දොළොස්වන සහන ගුවන් යානය බේරූට් නුවරට
ලෙබනන් ජනතාවට සහාය වීම සඳහා දොළොස්වන සෞදි සහන ගුවන් යානය බේරූට් වෙත ගොඩබස්සවා ඇති බව වාර්තා වේ.
ආහාර, නවාතැන් සහ වෛද්‍ය ආධාර ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගුවන්යානයෙන් රැගෙන ගොස් ඇත.
සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල් සවුද් සහ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් කුමරුගේ නියෝගයන්ට අනුව මානුෂීය ආධාර ලබාදීම සිදු කෙරේ.
සෞදි රජු, සල්මාන් මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය සහනාධාර ලෙබනන් ජනතාවට ලබාදීමට කටයුතු කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)