ඇමසන් ළැව් ගිනි නිවන බොලිවියා ජනපතිට දොස්
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයට ද ළැව් ගිනි පැතිරී යමින් පවතින බවත් එම ළැව් ගිනි නිවා දැමීමට හෝ පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේස්ට පරිසරවේදීන්ගෙන් දොස් අහන්න සිදුවී ඇත.
59 හැවිරිදි ඊවෝ මොරාලේස් ස්වදේශීක ගෝත්‍රික වැසියෙකි. මොරාලේස් බොලිවියාවේ ජනපති ධුරය හොබවන්නේ 2006 වසරේ සිටය. මෙම වසරේ බොලිවියාවේ ජනපතිවරණය පැවැත්වෙයි.
මොරාලේස් යළි ජනපති ධුරය අපේක්ෂා කරයි. ළැව් ගිනි සම්බන්ධයෙන් හටගත් අර්බුදය හේතුවෙන් සතියක කාලයක් සඳහා සිය මැතිවරණ කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද මොරාලේස් පසුගිය දා තීරණය කළේය.
දිනයේ ගිනි නිවන භටයන්ට සහාය දක්වමින් ජනපති මොරාලේස් එරට ඇමසන් වනාන්තරයේ හටගන්නා ළැව් ගිනි නිවා දැමීමට සහාය දක්වන අයුරු ඇතුළත් ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.
බොලිවියායට අයත් වන්නේ ඇමසන් වනාන්තරයෙන් ඉතා සුළු ප්රමාණයකි. ඇමසන් වනාන්තරය වර්ග කිලෝ මීටර් 5,500,000 ක් පුරා පැතිරී පවතී. වැසි වනාන්තරයෙන් සියයට 60 ක් අයිති බ්රසීලයටය. බොලිවියාවේ අසල්වැසියා වන්නේ බ්‍රසීලයයි.
බොලිවියාවේ වනාන්තර සහ තණ බිම් මෙම වසර ආරම්භයේ සිට ළැව් ගිනිවලින් විනාශ විය. බොලිවියා රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, කැළෑ භූමි ප්‍රදේශ හෙක්ටයාර් මිලියන 1.2 ක් ළැව් ගිනිවලින් විනාශ වී ඇති බවය. ගින්නෙන් විනාශ වුණු භූමි ප්‍රදේශය ඊට වඩා වැඩි යැයි රාජ්‍ය නොවන පරිසර සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.
ඩකාර්හිදීය (රොයිටර්ස්)